Thursday, November 10, 2011

"ඕයි!!! ඒ තමයි JUDGE!!!!"

මේ සිද්දිය වුන ඉස්කෝලෙ කට්ටියත් මෙතන ඇති. ඒත් කියන්නම් කෝ. දැන් ඔන්න අපි ගියා මේ පිරිමි ඉස්කෝලෙ ICT Day එකට.
දැන් කට්ටියට තිබ්බ ග්‍රැෆික් තරඟයක්....ඉතින් ඔන්න මායි යාලු අක්ක කෙනෙකුයිත් ඉදිරිපත් වුනා අපේ ඉස්කෝලෙන්....
නියමිත වෙලාවට තරඟය නවත්තලා දැන් අපිට ඉන්න කිව්වා. ඔහොම ඉඳිද්දි එක අවුරුදු 50ක විතර dial එකක් ඇවිත් දැන් එක ප්‍රසිද්ධ කාන්තා ඉස්කෝලෙක කෙල්ලො ටිකත් එක්ක මල් කඩනවා......
දැන් මේ වැඩේ මටයි යාළුවටයි මහම ප්‍රශ්නයක්.....ඔහොම ඉඳිද්දි, ඔන්න අපේ එහා පැත්තෙ කෙල්ලො ටික ගාවට ඇවිල්ලත් මෙයා මල් කඩනවා......
ඊට පස්සෙ අපි ගාවට මූ ආව. ඇවිත් අපේ උරහිස් වල මිනිහගෙ අත් දෙක තියාගෙන හෙන මනමාල voice එකකින් කිව්ව,
"ඔයාල කරපු එක මට පෙන්නන්නකෝ...." කියලා.
"හා" කියලා අපි දෙන්නම මෑන්ස් ට හොඳ "looks" දෙකක් දීලා අපේ ග්‍රැෆික් එක පෙන්නුවා.
කොහොමහරි දැන් ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝල දෙකක් පළවෙනි තැනයි, දෙවෙනි තැනයි දිනාගත්තා.....අපිට තුන්වෙනි තැන හම්බ වුනා.
ඒ එක ඉස්කෝලෙක මගෙ යාළුවෙක් හිටපු නිසා මායි අක්කයි ගියා එයාට wish කරන්න. මම ඉන්න ගමන් ඒ කොල්ලගෙන් ඇහුවා
"ඒයි, කව්ද අර කොළ පාට shirt එකක් ඇඳගෙන හිටපු නාකියා?? ඒ මිනිහ මෙතන මල් කඩන්න ආවා, මායි අක්කයි හොඳ ලුක්ස් දෙකක දුන්නයි" කියලා....
ඒ පාර මේක කියනවා,
"ඕයි!!! ඒ තමයි JUDGE!!!!"

ඉස්කෝලෙ වෙන අස්පට් වැඩ!

මට වෙච්චි අප්සැට් ම වැඩ ලිස්ට් එකක් තියෙනවා......ඒව නම් කලොත් මෙහෙමයි.
1. ඇඟේ රතු පාට ජෙල් පෑන ලීක් වීම
2. නාට්‍යක කොල්ලෙක්ට ඉඳල ගෙදර යද්දි රැවුල මකන්න අමතක වීම
3. කොල්ලා වගේ හිටිය දවසේ මගේ පෙම්වතියට හිටපු මෝඩයාට කිචි නිසා පිස්සු නැටීම.
4. ෆෑන් එකට කඳුළු එන්න පටන් අරගෙන හැමෝම මම අඬනවා යැයි සිතීම.
5. එක්තරා පිරිමි පාසලක දැනුම මිනුම තරඟාවලියේදී "කේ. අයි. එස්. එස්" යනු කුමක්ද යන ප්‍රශ්නය ලැබීම.....

බස් එකට දුවන්න නංගිලාව උසි ගැන්වුයෙමි!

අපේ වාර්ශික ක්‍රීඩා උත්සවය කාලෙයි මේක වුණේ......අවාසනාවකට එදා බස් එක පරක්කුයි.......අනික නිවාස 4ක ළමයි ගෙනියන්න තිබ්බෙ එකම එක බස් එකයි......මුලින්ම එක නිවාසයක කට්ටිය නැගලා ගියා. දැන් අපි වේලි වේලි ඉන්නවා.....මගේ යාලුවෙක් හිටිය කැන්ගරූ කියලා දාල තිබ්බෙ, අපි දෙන්න දැන් ෆුල් වලි.....

"මේ වැඩේ හරියන්නෙ නෑ...." කැන්ගරූ කිව්ව.
"ඔව් අප්ප, අව්වෙ කර වෙවී ඉන්නත් එපැයි....." මාත් මූන දෙක කරගෙන කිව්ව.
"මොනව හරි කරන්න ඕනෙ මචෝ....නැත්තන් අද නිදාගන්න වෙන්නෙ මෙතන තමා!"
එකවරම අපි දෙන්නට ගණදෙවි නුවණ පහළ වුනා. ලඟ හිටපු අපේ නිවාසයේ නංගි කෙනෙක්ට කිව්ව,

"නංගි, අද ගෙදර යන්න ඕනෙ නම් බස් එක අර ඈත එනව දැක්ක ගමන් දුවගෙන ගිහින් නගින්න, මේ පණිවිඩය අපේ නිවාසයේ කට්ටියටම කියන්න" කියලා.

මේ ළමයත් දැන් කිව්ව. කට්ටිය අතරෙ සුස් ගාල මේක දැන් යනවා. අවාසනාවකට, අනිත් නිවාස වල එවුන්ටත් පණිවිඩය ගිහින්, දැන් කට්ටියම යුද්දෙකට යන සේනාවක් වගේ ඉන්නෙ ඇටෑක් කරන්න.....

ඔන්න බස් එක ආවයි කියමු, ළමයි ටික පිඹගෙන දුවන්න ගත්තෙ නැතෑ!!!! පාරෙ මිනිස්සුවත් පෙරළගෙන ගිහින් මුන් ඔක්කොම නගින්න දඟලනවා......

මායි කැන්ගරුවයි ඉතින් ශේප් එකේ අස්සට රිංගගත්තෙ මොනවත් නොවුන ගානට....

Let the air force come in!

මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ. 

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!

Last Night

අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

සෝමලතා

පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා. 

ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,

"හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්....."

අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....

"මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...

"හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."

අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!

දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....

දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!

Saturday, November 5, 2011

ගල් ආඳා ගෙන් Reply

ආදරණීය මෝර නංගි,

ආදරණීය මෝර නංගි,

මගේ පෙම් පිඩ!

ඔයා ඉතින් එදා රෑ ගුවන් තොටුපලේදි වෙන් වෙලා ගියා තමයි. ඒත් ඉතින් ඒ සතර දිසා ජයගෙන හනික එන්නනේ....හැබැයි ඉතින් ඔයා ගිය දවසෙ ඉඳල ඇස් දෙක පියාන නිදාගන්න නම් මට බෑ. අද තනියෙන් මා. ඒත් හඬන්නෙ නෑ. මොකද ඉතින්,ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරිනෙ!

විඳගන්නට මම ඉන්නෙ එන නිවාඩුවට ඔයා එනකන්....මොකද, නින්ද නොයන හැන්දෑවට ඔයාව මතක් වෙන නිසා....එතකොට ඔයා කියනව වගේ ගාලු කොටුවට යන්නත් පුළුවන්. ඒ ගමන් ම අපි වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යමු. නාමල් මිටක් ඔයාගෙ සුදු දෝතින් අරන් යද්දි ඔයා හරීම ලස්සනට ඉඳියි අනේ. ඔයා කියනවනම්, ඔයාගෙ දෙතොල් මත තබා දෙන්නම් ප්‍රථම හාදුව.

සාලය ඔයාට ඔක්කොම කේළම කියලනෙ අනේ! ඒත් ඉතින් එයා කිව්ව එක ඇත්ත. මටනම් අර කකුලුවාවනම් අල්ලගෙන ගහන්න තරම් තරහයි. ඒක ඔයාට කිව්වනෙ මං රම්බරීගෙන නොම්බරේ ඉල්ලුවයි කියල! සත්තයි නංගි, සැවැන්දරී මට හොරැහින් අඬගැහුවා.....ඒත් මම නෙමෙයි ඇහැක් ඇරල බැලුවෙ. ඉතින් මොකද මම රම්බරීගෙන නොම්බරේ ඉල්ලන්නෙ.....ඔයා මගේ සුරඟන කිරිල්ලි නෙ. අනික ඔයා කොහොමත් ඔය කකුලුවා එක්ක කතාවට යන්නෙපා. ඕක ගේමක් දීල ගිය අවුරුද්දේ වැළිකඩ ඉඳල එළියට ආවෙ.

ඉතින් ඔයා හොඳින්, පරිස්සමෙන් ඉන්න. බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නෙ එහෙම එපා.....හැමදාම රෑට සඳලු තලාවෙ කවුළු පියන් වහන්න අමතක කරන්නෙපා. 

හන්තානට හඳ පෑයුවත් ජීවිතේ අවපසයි, මම සීතල කළුවරේ ඔයා නැතුව. මොකද, මගේ සඳ ඔයා නිසා. හන්තානෙ කඳු මුදුනෙ ඉඳල පවනක් වෙලා මම ඔය රටට එන්නම්......

ඔයාට ආදරෙයි මම,
ගල් ආඳා...