Tuesday, October 25, 2011

ජෝඩු වෙවී අද කෝඩු කාර උන්
හෙට දිනයේ කරකාර බඳීදෝ
පාඩුවෙ ඉඳලා ජෝඩු නොවූවට
අපටත් දවසක හඳ පායාදෝ


වාසිටියේ අර ප්‍රේම කුරුල්ලෝ
දඟ කරනා කල දුක නොහිතේදෝ
පෑල දොරෙන් තාමත් මග බලනා
අපටත් දවසක හඳ පායාදෝ


ආදර උයනේ ප්‍රේම කරන්නට
කවුරු මගේ අත ගන්න හදා දෝ
බාධා ඇතත් අහසට නැග එන්නට
අපටත් දවසක හඳ පායාදෝ


මාස ගනන් මග බලාන උන්නා
තාම කෙනෙක් නොම ලැබුනේ මන්දෝ
හිත් යායේ කඩුපුල් පීදෙන්නට
අපටත් දවසක හඳ පායාදෝ....

No comments:

Post a Comment