Saturday, March 5, 2011

මැජික් පොල් ගස

ටීක් ටීක් ටීක්!!!! මේ කතාව ටිකක් විතර සැරයි. ඒත් ඉතින් මාත් මේක කියෙව්වෙ වැදගත්තු කියවන සඟරාවක (රීඩර්ස් ඩයිජස්ට්) එකේ විහිළු තීරයේ තිබිල. ඒත් ඉතින් ටිකක් සැරයි කියමු.

ඔන්න එක නැවක් මුහුදෙ යද්දි ගිලුනළු. (ඔව් ඉතින්, ගොඩබිමේ නැව් යන්නෙ නෑ නෙ...හික් හික්) ඔය නැවේ හැමෝම මැරුනළු. ඉතුරු වුණේ තරුණ ලස්සන නෝන කෙනෙකුයි, එයාගෙ මෝඩ්, වයසක මහත්තයයි, හැඩිදැඩි, තරුණ, ටිකක් විතර ලස්සන නාවිකයෙකුයි විතරලු.


දවසක් මේ නාවිකයා කිව්වලු, "මම ඈත නැව් එනවද කියල අර පොල් ගහට නැගලා බලලා, පොල් ටිකකුත් කඩාගෙන එන්නම්..." කියල. අර නාකි මනුස්සයාට නැග්ගට මොකද ඉක්මනට බැහැගන්ඩ බැරි නිසා ඒ මිනිහත් මේකට එකඟ වුණා ලු.

දැන් ඔන්න අර නාවිකයත් පොල් ගහ උඩට නැගල එක පාරට පල්ලෙහා බලලා කෑගහනවළු, "ආපෝ ඕයි, ඔය වැඩේ කිරිල්ල නවත්තන්න!!" කියල. වැඩේ කිව්වම මොකද්ද කියලා හිතාගන්නකෝ.....


"යකෝ අපි එහෙම මොකුත් කලේ නෑ!!!" නාකියා යට ඉඳන් කෑ ගැහුවලු. නාවිකයා පල්ලෙහාට බැහැලා ඇවිත්, "අප්පා තමුසෙල කරලා නෑ නේන්නම්!" කිව්වලු.

දැන් දෙවැනි දවසෙත් මෙන්න නාවිකයා පොල් ගහ උඩට නැගලා බලලා අර විදිහටම කෑ ගැහුවලු. මෙහෙම දවස් දෙක තුනක් ම වුනා ලු.


දැන් නාකියාට හෙනම අස්පට්. මිනිහා කල්පනා කරල අන්තිමට හිතුවලු පොල් ගහට මිනිහ නැගලා මොකද මේ වෙන්නෙ කියල බලන්ඩ.

ඉතින් එදා මුහුදෙ ඈත නැව් එනවද බලන එක මිනිහා බාරගත්තලු. හවස් වේගෙන එද්දි මිනිහ පොල් ගහට අමාරුවෙන් නැගගත්තලු. නැගලා කරපු පළවෙනි වැඩේ පල්ලෙහා බලපු එක ලු.


"අම්මපා ඇත්ත තමයි නේන්නම්!!! මටත් පේනවනෙ මගේ ගෑණි අරූ එක්ක ඉන්නව!!!"

මොකද වුනේ කියල කියන්ඩ ඕනෙ නෑ මයෙ හිතේ... :P :P :P

Friday, March 4, 2011

මල්ලිගෙ කට

ඔන්න ඉතින් අපේ මල්ලි කෙනෙක් හිටියා. ඌගෙ නම කියන්නෙ නැත්තෙ ඌ දැන් නාඹර කොල්ලෙක් වේගෙන එන්නෙ. උගෙ නම දැම්මොත් කෙල්ලක් වත් හොයාගන්න බැරි වෙයි ඕකට. ඇයි ඉතින් උන් ඔක්කොම දැනගන්නවනෙ මුගෙ වාචාලකම!!!


කොහොම හරි මූයි අපි කට්ටියයි ගියා දෙහිවල සත්තු වත්ත බලන්න. ඉතින් ඕකෙ ඉන්නවනෙ අර පස්ස රතු බැබූන් කියලා බැබූන් වඳුරො වගයක්. ඔන්න කට්ටියට මතක නැතුව ඇති කියලා මම පින්තූරෙකුත් දැම්ම. මලය දැන් ඕකෙක් දිහා බලල කියාපි,


"ඈ අය්යෙ, අපේ රටේ ගෑණු කොන්ඩෙ පර්ම් කරන්නෙ මුගෙ මයිල් බලල වෙන්න ඇති නේ...." කියලා.



හත් දෙය්යනේ කොන්ඩෙ පර්ම් කරපු කෑල්ලක් හිටියා එතන! මට ඉහින් කනින් දාඩිය. ඒකිගෙ කොල්ලත් මහ ජරා ලුක් එකක් දුන්න. මම ටක් ගාල අරූව ඇදගෙන එන්න හැදුවෙ එතන සීන් එකක් යන්ඩ කලින්.....මෙන්න ඒ පාර මූ අර කෙල්ල දිහා බල බල කියනව,


"ඊලඟට තියෙන්නෙ පස්සත් රතු කරන්න තමයි!" කියල!! මම ඉගිල්ලුනා!!!

ඔන්න අපිත් ආවා වැඩ පටන් ගන්න!!!!

වෙල්කම් වේවා!!!! අපේ කට කැඩිච්චි කතා වස්තුත් රැගෙන ඇවිත් තියෙන මේ බ්ලොගයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා!