Wednesday, October 26, 2011

රිහානා සහ ආච්චි!


දවසක් මම රිහානාගෙ "Oh na na, what's my name" සින්දුව අහ අහ හිටියා. ආච්චි එතනින් යන ගමන් නැවතිලා,

"ඈ බොල කෙල්ලෙ, ඔය රිහානා කෙලී මුස්ලිම් කොල්ලොට ආසයි වගේ නේ!" කිව්වා.

මට අන්දුන් කුන්දුන්. මම ඇහුවා,

"ඇයි ආච්චි?"

"ඇයි බොල ඔය  'ඕ නානා, වස්තුවේ...' කියල කියන්නෙ!"


**මෙය ජාතිවාදය ඇවිස්සීමට ගත් උත්සාහයක් නොවන වග කරුණාවෙන් සළකන්න. **


Tuesday, October 25, 2011

ජෝඩු වෙවී අද කෝඩු කාර උන්
හෙට දිනයේ කරකාර බඳීදෝ
පාඩුවෙ ඉඳලා ජෝඩු නොවූවට
අපටත් දවසක හඳ පායාදෝ


වාසිටියේ අර ප්‍රේම කුරුල්ලෝ
දඟ කරනා කල දුක නොහිතේදෝ
පෑල දොරෙන් තාමත් මග බලනා
අපටත් දවසක හඳ පායාදෝ


ආදර උයනේ ප්‍රේම කරන්නට
කවුරු මගේ අත ගන්න හදා දෝ
බාධා ඇතත් අහසට නැග එන්නට
අපටත් දවසක හඳ පායාදෝ


මාස ගනන් මග බලාන උන්නා
තාම කෙනෙක් නොම ලැබුනේ මන්දෝ
හිත් යායේ කඩුපුල් පීදෙන්නට
අපටත් දවසක හඳ පායාදෝ....

ගල් ආඳා අය්යට,


සමන් මලෙන් පවන් සැලේ......

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා වගේම ඔයත් ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා අය්යෙ.....ඒත් ඉතින් මට නුඹ හිමි නැති බැව් හිත නම් තාම අදහන්නෙ නෑ......කඳුල හුරතල් වැඩිද මන්ද කියල හිතෙනව.....මොනා කරන්නද.....

එදා රෑ ගුවන් තොටුපලේදි මා, වෙන්වී ගියේ හිතකින්නම් නොවේ.....ඒත් ඉතින් මොනව කරන්නද, මේ ජීවන ගමනේ සැප දුක සමබර වේ වගේ මටත් මේ දුක නිවාගන්න සැප ලැබෙයි නෙ. රටකින් එහා තනිවෙන්න බෑ.....ඒත් මොනා කරන්නද......මගේ ලොවට ඔයා වඩින තුරා බලා ඉඳින්නෙ නෙතු යුග දල්වාගෙන අනේ......ඉස්සරනම් තනිවී සිටින්න අදහස් කලත් ඔයා ඒක වෙනස් කලා නෙ......ගඟක් සේ ඔයා ගලාගෙන ආවොත් මුවදොරක් වෙලා ඔයාව හමුවන්න මම බලාගෙන ඉන්නෙ.

අපි එතකොට ගාලු කොටුවෙ ගල් බැම්මෙ ඉඳගෙන ඈත පෙනෙන සිතිජ ඉම දිගා බලාගෙන සුදු අරලියා මල් කඩමු. එතකොට ඔයාට තේරේවි ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් කියල. ඒත් අය්යෙ, තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න, හරිද? නැත්තන් එහෙම කඩමණ්ඩියේ දොල අයිනේ අපිට කතා හැදෙයි. ඇයි අය්යට මතක නැද්ද, මගතොටදි අපි හමුවෙද්දි අපිට කතා හැදුන හැටි.....

ඔයා ඉතින් "ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්" කිව්වට, මම දන්නව ඔයා සාලයා අය්යට කිව්වලු, "නීල නුවන් ඈගේ හරියට තෝඩු දෙකක් වාගේ" කියල. මම ඉතින් ඔයාගෙ සිතින් ප්‍රේම වඩනා සුරංගනාවි නෙ. කකුළු අය්ය කිව්ව ඔයා රම්බරීගෙන් නොම්බරේ ඉල්ලුවලු. ඕව බොරු කතා නේද? මොකද හිරු හිනැහෙන විට නෙළුම් පිපෙන්වා වගෙ මට ඔයාව විශ්වාස නිසා!

ඉතින් දැන් රෑ වුනා නෙ. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්නකෝ.....මගේ ආදරේ මන්දිරේ සඳලු තල එළිවෙලා තියෙන්නෙ.....දෙසැම්බර් වල මම එන්නම් කො ඔයාව හම්බවෙන්න, ආවම අපි යමු මරදානෙනෙ පරාට කන්න.....ඔයා ආසයිනෙ.


මම එහෙනම් නවතිනවා, ඔයාට ආදරෙයි අනේ....
මම ඔයාගෙම
මෝර නංගි....

=P =P =P


The shoulder


Whenever I felt as if my daylight is all gone, 
You let me rest my head on your shoulder so strong
and pointed at the silver line behind the clouds so grey
and told me that everything is going to be okay

Whenever I felt that i want that shoulder to be
under my face, thought it belonged to me
but she had it reserved for her to rest on
that shoulder, which made me feel that im not alone

She still did not use it, she still keeps it there
That shoulder, and now it's deserted and bare
He still waits for her and i know that he does
His waiting has brought me just nothing but loss

Though you just ignore me and get mad at me
You're just the nice fellow that you used to be
I'll never think bad of you, i never can
'coz your shoulder brought me to who i now am

All i beg you is to be happy and light
Enjoy the day before it reaches the night
I'll get away if that's what you want me to do
But remember, my shoulder will be there for you........

Wednesday, October 19, 2011

කළුතර!


අපේ ශමීස් සහෝදරයත්, ජනක් සහෝදරයත්, කළුතර ගිහින් වෙච්චි දේ.....

සුකොමළ සුරූපී අඟනුන් බැලීමට
ඉඟසුඟ පොරෝයුර හොරැහින් දැකීමට
හිසතුළ පිරුනු ආසාවන් නැසීමට
කළුතර යන්ට සිතුනයි සෙනසුරාදට

බතලය අල ය ඇඟවල් වැල මදුලු වැනී
රන් කුඹු නොවේ වැටකොළු එල්ලුනා වැනී
නාකි සුද්දියෝ කළුතර පුරා උනී
වමනෙට ආ නිසා ගෙදරට යළිත් එමී....



"වේසිය" හෙවත් වෛශ්‍යාව


වෛශ්‍යාව යන්නෙන් අදහස් කරන්නේ, ගණිකාවයි. ගණිකාවක් යනු, තම සිරුර මුදලට විකුණන තැනැත්තියයි. වෛශ්‍යාව යන වචනයෙන් උපන්න නමක් තමයි "වේසි". එනිසා, වේසියක් යනුද, ගණිකාවකි.

 කෙතරම් සැප පහසු, මුදල් හදල් මැද ජීවත් වුවත්, වෛශ්‍යාවන් දෙස සමාජය බලනුයේ හොඳ විදියකින් නොවේ. ඊට හේතුව, සියළුම ආගම්වල කියන පරිදි, බඹසර නොරැක, දැහැමි ජීවිත ගත නොකර, පවුල් පවා කඩාකප්පල් වන පරිදි, රැකි රක්ශාවක නියැලීමයි.

එම නිසා, ස්ත්‍රියකට, "වේසිය" යන නමින් කතා කිරීමෙන්, ඇයව, ගණිකාවකගේ මට්ටමට යැවෙයි. කාන්තාවක සතු, පිරිසිදු, උත්තරීතර, ගෞරවාන්විතභාවය කෙළෙසාගත් අධම ගැහැණියකගේ තත්වයට පත් කරයි.

නූතන සමාජයේ පිරිමින් විසින්, මෙම "වේසි" යන වචනය ඉතා අධික ලෙස භාවිතා කරති. ලංකාවේ ගණිකාවන් ගණන ඉහල යාම මෙයට හේතුවද? නැත. පාර තොටේ දකින ඕනෑම ගැහැණියක් පිරිමියෙකුට "වේසියක්" වීමට ඉඩ ඇත.  

ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.

සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි. 


අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.


ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.

මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.

Tuesday, October 18, 2011

කැම්පස් දුක


හන්තානේ හඳ නැත මෙහි පායන්නේ
මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ
සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ
කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ

බස් නැවතුමේ, කැම්පස් එකෙ එහෙම නිති
මෙහෙ කට්ටිය පාර මැද්දෙ පෙම් කෙළිතී
පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති
අපේ එවුන් ඒ බල බල කෙළ හලතී

කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්
ඒකලු මෝස්තරෙ කියනව උනුත් ඉතින්
හත් දෙයියනේ අපි ඇන්දොත් ඔහොම ඇඳුම්
ගල් වී මැරෙයි සීතල වැඩිවෙලා බොලන්

චොකලට් ඇතේ රස රස දේ හුඟක් ඇතේ
චයිනිස් ඉටැලියන් ෆාස්ට් ෆුඩ් ගොඩක් ඇතේ
එක එක ජාති තිබුනත් බැලු බැලූ අතේ
ඩොලරය රුපියල් එකසිය දහතුනයි පුතේ...

හන්තානේ එවුන් හඳ දැක අඬනු එපා
මොරටුවෙ එවුන් කෙල්ලො නැතුව තැවෙනු එපා
ජ'පුර එවුන් රැග් වල දුක් විඳිනු එපා
කැන්බරාවෙ අපිට පාලු දැනෙනු එපා