Thursday, November 10, 2011

Practicals

අපි සාමාන්‍ය පෙළටයි, උසස් පෙළටයි කලේ ලන්ඩන් විභාග. අනේ ඔව්ව කිව්වට අහිතක් හිතන්ඩ එපා අපි තමා ඉස්කෝලෙ හිටපු ගොඩේම සෙට් එක. මොනව වුනත්, අපේ ඉස්කෝලෙ ජීව විද්‍යාව උගන්නන්න හිටියෙ සර් කෙනෙක්. වසයක මනුස්සයා, අනේ හරි හොඳයි. තාම ගොඩක් ගරු කරන කෙනෙක්.

අපේ විශයට අනුව කරන්න තියෙන පර්යේශන එහෙම ටිකක් විතර ගණන් යන ඒව, ඒ නිසා අපිට ඕව වැඩිය ඉස්කෝලෙදි කලේ නෑ. ඔහොම කරන්නෙ නැති නිසා ළමයිගෙ අප්‍රසාදය ගොඩක් ඔය සම්බන්ධයෙන් එල්ල වුනා ඉස්කෝලෙට.

අපේ සෙට් එකත් ඇදල ගත්ත ප්‍රැක්ටිකල් කරන්නෙ නැති එක පන්තියේදි.

අපේ පන්තියේ ඉන්නව ලෝක ටියුබ් ලයිට් එකක්.....අපිත් එහෙම තමයි, ඒත් මෙයා ටිකක් වැඩියි. දැන් දවසක් මෙයා දිගටම කියනව ප්‍රැක්ටිකල් නැති අඩුව සර් එක්ක.

සර් කියනව, "මම නිර්දේශයේ තියෙන ඒවගෙන දෙකයි කලේ නැත්තෙ...."

දැන් ගෑණිත් අත අරින්නෙ නෑ. "සර් එතකොට ඒව කලේ කොච්චර කාලෙකට කලින් ද!! ලඟදි අපි එකක් වත් කරල නෑ!!!"

සර් කියනව, "ළමයෝ, මේ පාඩමට ප්‍රැක්ටිකල්ස් නෑ!"
අපිටත් එතකොට ටිකක් ක්ලික් වගේ. මේ ගෑණි කියනව,
"එහෙම වෙන්න බැහැනෙ සර්!"
එතකොට එහාපැත්තෙ ඉඳගෙන හිටපු එකාට මොලේ ඇවිත් ටක් ගාල මෙයාව වාඩි කරව ගත්ත.
"ඕයි!!! ඔහේ කියවන්න එපා! අපි මේ දවස් වල කරන්නෙ ප්‍රජනනය කියන පාඩම!"

දේශ් ගෙ අය්යා හරිම ඇඩ් එක. මිනිහට ඔය කෙල්ලො ඉස්සරහදි මොකක්ද එකක් වෙනවා. කොඳු ඇට පෙළ කෙලින් වෙනව. කොන්ඩෙ කෙලින්ම ඇහැට වැටෙනව. සන්ග්ලාසස් දෙක දාගන්නව රෑ වුනත්. තව තව ඉතින් ගොඩක් දේවල් වෙනව. ඔය අතරින් ලොකුම දේ තමයි, කොල්ලා ෆෝන් එක අතට ගන්නව. ඔය මගුලට මෙලෝ කෝල් එකක් ආවෙ නැතත් බොරුවට ෆෝන් එකෙන් කියවනවා.ඒ වෙලාවට කියවන්නෙත් කඩ්ඩෙන්.

"Dude, i need that track right away!"
"What the hell?"
"Hey man, I'm busy now. Call ya later..."
"Oh shit, you better return my guitar tomorrow, i've got a gig"

ඔන්න ඔය වගේ කඩු කෑලි මිනිහගෙන් කටින් එළියට පනින්නෙ වතුර වගේ. ඉතින් කෙල්ලොත් ෆුල් හොල්මන්. දන්නෝ දනිති වගේ මිනිහ අඳුරන කෙල්ලො මිනිහව සත පහකට ගනන් ගන්නෙ නැති වුනාට,අනිත් කෙල්ලොට ඉතින් මිහිහ මැජික්.

දවසක් දේශ් ගෙ ගෙදර පාටියක්. කෙල්ලො පිරිල. ඔය අතරෙ තමා දේශ් ගෙ අය්යට "උණ" ගත්තෙ. 

"ආනේ දේශ් ගෙ අය්ය මාරයි නේ..." දැන් කෙල්ලොත් කතා වෙනව. දේශ්ට මළ පැනල. ඇයි අප්පා. මෙතනත් මුගෙ ඇඩ් එක කියල. දේශ් කෙලින්ම ෆෝන් එක ගත්ත. අරන් ඩයල් කලා.

"ටීන් ටීන් ටින් ටින් ටින් ටීන්!" ෆෝන් එක සද්ද වෙන්න ගත්තා. දේශ් ගෙ අය්ය අතින් ෆෝන් එක අත ඇරුනා. මිනිහා හොඳටම රතු වෙලා. දාඩියත් දානව. ෆෝන් එක තාම බිම වැටිලා රින්ග් වෙනව. එතකොටයි වෙච්ච දේ තෙරුනේ. 

දේශ් ගෙ අය්ය ඇත්තටම නෙමෙයි කෝල් කරල තියෙන්නෙ! ඇඩ් එකට. ඉතින් ඇත්ත කෝල් එකක් ආව ගමන් බඩු මාට්ටු වෙලා. කෙල්ලො හිකි හිකි ගගා හිනා වෙද්දි මෑන්ට ඇඩ්‍රස් නැති වුනා. පව් වැඩේ. හැබැයි එදා රෑ දේශ් සෑහෙන්න අය්යගෙන් ගුටි කාල තියෙනව.

කාර් එකේ ජෝඩුව!

එදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. අපිත් ඉතින් බස් වල බඩගාන්නෙ මොකද කියලා හිතාගෙන දැන් මෙයත් එක්ක යන්න කැමති වුනා. 

දැන් අපි කවුරුත් ම දේශ් (ඒ කිව්වෙ කාර් එකේ යනවයි කියපු එක්කෙනා) ගෙ කාර් එකවත්, ඩ්‍රයිව් කරන් එනවයි කියපු එයාගෙ අය්යවවත් දැකල තිබ්බෙ නෑ. ජෝතිට මතකයි කාර් එක නිල් පාට ස්විෆ්ට් එකක් කියලා. අපි ඉතින් ඉස්කෝලෙන් පිටවෙලා එළියට ඇවිදගෙන ආව.
ඔන්න එතකොට ජෝතිට කෝල් එකක්. "දේශ් කිව්ව එයාගෙ අය්ය මහ පාරට එනව, ඇවිල්ල ඉන්න කියල"

අපිත් ඉතින් මහ පාරට ගියා. හත් දෙය්යනේ මෙන්න නිල් පාට ස්විෆ්ට් එකක් තියනවා
"මුගෙ අය්ය ඩ්‍රයිව් කරලද ඉගිලිලාද මචං!" ගාගෙන අපි සෙට් එක දොර ඇරගෙන ඇතුලට නැග්ග. එතකොට තමා කරපු වැරැද්ද තේරුණේ!

මෙන්න ජෝඩුවක් ඉන්නව ඇතුලෙ. ඇලී ගැලීගෙන. ටිකක් විතර අස්පට් විදිහට. උන් දෙන්න අපිට වඩා බය වෙලා. එතකොටම ඉස්සරහෙන් තවත් නිල් පාට ස්විෆ්ට් එකක් ඇවිල්ල නැවත්තුවා.

"ඕයි අපි නැග්ගෙ වැරදි කාර් එකට!" කැන්ගරුවා බෙරිහන් දෙනව! අපි දඩ බඩ ගාල එළියට පැන්න. "සොරි අක්කෙ..." ජෝතියි මායි බිම බලන් කොඳුරලා ඉක්මනට අනිත් කාර් එකට නැග්ග. හැබැයි ඒ වෙද්දි දේශ් ගෙ අය්යණ්ඩි ඔක්කොම බලාගෙන ඉඳලා. ඌ හූ තිය තිය අපිට හිනාවුනේ. 

අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ! 

අපේ ගෙදර තට්ටු 10ක් තියෙනවා!

මේක වුනේ 7 වසරෙදි. සාමාන්‍යයෙන් 7 වසර කියන්නෙ ඉතින් ටික ටික දේවල් තේරෙන්න ගන්න කාලයක් නෙ ඕන්!! ඒත් ඒ කාලෙත් ඔය ගෙදර ගාලා තියෙන පාට මොකද්ද, ගෙදර ඉන්නෙ බල්ලොද පූසොද වගේ ප්‍රශ්ණ වලට විතරක් කෙල්ලොගෙ කතා සීමා වෙච්චි කාලයක්. ඔන්න ඔය කාලෙ අපි ටික ගෙදරවල් ගැන කතා වෙවී හිටියෙ.
"අපේ ගෙදර තට්ටු තුනක් තියෙනවා හලෝ...." එක්කනෙක් කියනව.
"හ්ම්, අපේ නම් තට්ටු දෙකයි," මාත් කිව්ව.
"අපේ තට්ටු දහයක් තියෙනවා!" අපේ සෙට් එකේ එකෙක් කියාපි! 
අපි ඩිම් වුනා. 
"ඔයා ෆ්ලැට් එකකද ඉන්නෙ?" එකෙක් ටිකක් විතර මොලේ පහළ වෙලා කිව්ව.
"නෑ අනේ,....ඒක අපේ ගෙදර!"
"අම්මේ එහෙනම් ඕක නගින්න ලිෆ්ට් එකක් ඇති නේ?" මාත් කිව්ව.
"නෑ හලෝ.....අපි පඩිපෙළෙන් යන්නෙ!"
අම්මෝ එහෙනම් තට්ටු දෙක හොඳයි කියල මට හිතුනා. හැමදාම ඉස්කෝලෙ ඇරිල ඇවිත් තට්ටු ගානක් බඩගාන්න!
මට දැන් මෙයාගෙ ගෙදර බලන්න මාර ආසයි. ඔහොම ඉඳිද්දි මාත් එයාගෙ වෑන් එකේ එන්න පටන් ගත්ත. අනේ බැලින්නම් ගෙදර තට්ටු තුනයි,.....
මම කල්පනා කලා ඇයි තට්ටු 10යි කිව්වෙ කියලා.
බැලින්නම් මේ ගෑණි ගෙදර උඩට යනකල්ම හයි කරල තිබ්බ glass panels තමයි ගනන් කරල තියෙන්නෙ!!!!

පාසල් සීපද

උස්සාගෙන මල්ල අතකින් කින්ද නගෝ
වසා මොබයිල් එක අතකින් කින්ද නගෝ
ඉක්මන් ගමන කොරිඩෝවේ කින්ද නගෝ
කැන්ටින් එකේ නැවතී අපි යමුද නගෝ

උස්සාගෙන මල්ල සී ඩී තැටි හින්දා
වසා මොබයිල් එක මං අහුවෙන හින්දා
ප්‍රිෆෙක්ට් අක්කලා පස්සෙන් එන හින්දා
යන්නම් අක්කි නැත්තන් කෙළ වෙන හින්දා