Thursday, November 10, 2011

අපෙ ඩ්‍රයිවර් කොල්ලෙක්ට වෙට්ටුවක් දැම්ම දා!

අපේ ඩ්‍රයිවරයා ගැන මම කියලා තියෙනවනෙ. මේක්ත් උගෙ රස කතාවක්. ඒ මගේ ඒ ලෙවල් ඉවර වෙච්චි දවස. මාර ආතල්, ආයෙ කියලා වැඩක් නැති වෙන්ඩ ආතල්. ඇයි ඉතින් ඒ ලෙවල් ඉවරනෙ. මම ගෙදර එන මග හිටියෙ. 

අපේ ඩ්‍රයිවරුත් පාරෙ යන කෙල්ලොට වෙට්ටු දදා යනවා. ඒ අස්සෙ මල් සින්දු දාලා මල කරච්චලේ....මගේ ipod එක පාවිච්චි කරන්න බැරි නිසා මටත් ටිකක් මල පැන්නත් මිනිහගෙ ආසාවනෙ කියලා සද්ද නැතුව හිටිය. (ipod කිව්වට ඒක sony එකක්....ඒත් මොකෝ, සින්දු ඇහෙනවනම් එච්චරනෙ!)

බැරිම තැන මම කිව්වා,

"වැඩක් නෑ ප්‍රසන්න*!! තමුසෙ කෙල්ලොට වෙට්ටු දදා යනවා, කිසි ආතල් එකක් නෑ....කොල්ලොට් ඇල්ලුවනම් මොකද!" කියලා.(false name)

මූට තේරිලා නෑ මම ආතල් එකට කිව්වෙ කියලා. ඔන්න එක පාරටම අපි පටු පාරකින් යද්දි, මෙන්න මූ හායි ගාලා ගිහින් කොල්ලො රොත්තකට වෑන් එක කපලා හෝන් එකත් ගැහුවනෙ!!!

මුගෙ අවාසනාවට වෑන් එක ටින්ටඩ් ග්ලාස්....මාව උන්ට පෙනුනෙත් නෑ. කොල්ලෙක් ඇවිත් කොල්ලො ගොඩකට වෙට්ටු දැම්මම ඉතින්......

මොනවා කරන්නද, උනුත් හොඳ කතා ටිකක් කිව්ව. පව් හැබැයි අපේ ඩ්‍රයිවර් කාරයා සෑහෙන්න බයිට් වුනා.....මම එදා හවස කිව්ව,

"කමක් නෑ ප්‍රසන්න, කෙල්ලොටම වෙට්ටු දාන්න..." කියලා....

No comments:

Post a Comment