Thursday, November 10, 2011

ආදර හුටපටයක "හෙල්පර්" වුනෙමි!

කොලු උණ, ආදර උණ වගේ හැම උණක්ම කෙල්ලොගෙ උත්සන්න වෙන්නෙ 9-10 වසර වලදියි. ඉතින් මේ වයස් වල කෙල්ලො දෙන්නෙක් දාගත්ත බුද්ධිමත් කොලු යාලුවො දෙන්නෙක් මටත් හිටියා. උන්ගෙ කෙල්ලොත් මම අඳුරනවා. නංගිලා දෙන්නෙක්. මාත් ඉතින් ඒ පෙම් පළහිලව් වලට හිටු කියලා සප් එක දෙනවා.

එදා මහ මූසල දවසක්. මහ චාටර් දවසක්. කොහොම හරි මම ඔහේ ඉස්කෝලෙ ඇවිද ඇවිද ඉඳිද්දි මගේ යාළුවෙක්ගෙ කෙල්ලට හෙන upset එකක්! එයා කාටහරි ඕනෑවට වඩා එස් එම් එස් යවනවයි කියලා ගෙදරට මාට්ටු. හොඳ වෙලාවට කෙල්ලගෙ අම්මට ෆෝන් වැඩ සත පහකට බැහැ. ඉතින් තාත්ත සෙනසුරාදට ගෙදර එනකන් අම්ම බලන් ඉන්නෙ කෙල්ලගෙ ෆෝන් එකේ හොරය අල්ලන්න.

"අනේ අක්කි ඔයාට බැරිද සජිත් ගෙන් සිම් එක ගන්න? අනේ.....නැත්තන් එයා කතා කලොත් ඉවරනෙ!"
"ඉතින් නංගි එයාට ෆෝන් එක නොගෙන ඉන්න පුලුවන් නෙ"
"අම්මෝ බෑ. එතකොට අම්ම දැනගනීවි හොරයක් තියෙනවයි කියලා"
කොහොමෙන් හරි පෙම් පළහිලව්වෙ වැඩේ මගේ ඇඟට වැටුන.

පහුවදා උදෙන්ම සජිත් ගෙන් කෝල් එකක්.
"ඒයි සුප්පා.....මම ගෙදර ඉස්සරහ ඉන්නෙ...."
"මෙතනට එන්න එපා ඕයි!!! මම අම්මට මොනවද කියන්නෙ!?"
"එහෙනම් කොහෙටද යන්න ඕනෙ?"
"හ්ම්......පීසා හට් එක ගාව ඉන්න..."
මාත් දනි පනි ගාලා ඇඳගෙන ගියා. මේ හරකා පිසා හට් එක ඇතුලෙ. ඒකෙ අය්ය අහනව "මල්ලි මොනවත් ඕඩරි කරන්නෙ නැද්ද?" ඇත්තනෙ......පීසා හට් ගියොත් මොනවහරි ගන්නත් එපායැ. 

මට මළ පැන්න. ෆෝන් එක අරගෙන, "මෙහෙ එනව මෝඩයො! ඔතන හිටියොත් අපිට කන්නත් වෙනවා!"

කොහොම හරි කොල්ල ෆෝන් එක දුන්නයි කියමුකො.



එදා මට වෙන මොනවත් කරන්න නෑ....සජිත්ගෙ යාළුවො කෝල් දෙද්දි කට් කරන්නයි, පැණි හලන්න එන කට්ටිය එළවන්නයි මදිවට, නෙතූගෙ අම්මට කියන්න මොකක් හරි මගුලක් මතක් කරගන්නත් එපැයි. සජිත් කරන මගුලකුත් නෑ. ඒත් 119 එකට වගේ කෝල් එන්නෙ! මළ වදේ.
ඒ අස්සෙ එක මෝඩයෙක් කෝල් කලා.
"හලෝ, සජිත් ඉන්නවද?"
"මේක එයාගෙ ෆෝන් එක නෙමෙයි."
"වෙන්න බෑ.....ඌ මට ගිය සුමානෙ නෙ මේ නම්බරි එක දුන්නෙ!"
"ඒත් දැන් මේක් එයාගෙ නෙමෙයි."
"ඔයා කව්ද?"
"මම එයාගෙ....එයාගෙ නංගි..."
"ආහ්.....නංගි, අය්යට කියන්න ගයාන් කතා කලයි කියලා....."
"හ්ම්"
"මේ නංගි, ඔයාව මම සජිත්ගෙ ගෙදරදි දැකලා නෑ නෙ.....මිනිහ අපිට කියලා නෑ ඌට නංගි කෙනෙක් ඉන්නවයි කියලා..."
"හ්ම්....මම.....මම එයාගෙ කසින්..."
"අහ්.....නංගිගෙ වයස කීයද?"
මට මළ පැන්න. මම දඩස් ගාල ෆෝන් එක තිබ්බ. මළ වදේ!!!

සෙනසුරාදා කිසිම අව්ලක් නැතුව දවස ගියා. නෙතූගෙ අම්මලා කතා කලෙත් නෑ... අර ගයාන්ගෙ වැඩේ මට කතා කරනව. මොළේ හොඳ නැද්ද මන්දා. මාව දැකලත් නෑ.

"ඔයාගෙ වොයිස් එක ලස්සනයි නංගි.....ඒකයි කතා කලේ....මට ඔයා ගැන අයිඩියා එකක් ආවා...."
පව් මේ මනුස්සය බීරිද කොහෙද. අයිඩියා එකක් ආවෙ හඳට යවන්නද මන්ද. කොහොමහරි ඒ වෙද්දි ගයාන් මට මළ වදයක් වෙලා තිබ්බෙ. ආයෙ කතා කලොත් බනිනවා කියලයි මම හිතාගෙන හිටියෙ.
ඔහොම ඉඳිද්දි දන්නෙම නැතුව හවස් වුනා. ඔන්න මට කෝල් එකක් එනවා.
ඒකත් ගයාන්ගෙ නොම්බරේ වගේ මම දැක්කෙ. ගත් කටටම,

"මේ ගයාන්, පිස්සු නටන්න එපා හරිද? දැන් කී පාරක් මට කෝල් කලා ද!!!! මට පාඩම් කරන්නත් බෑ හතර අතේ කෝල් දෙනවා, රින්ග්කට් ගහනවා!!!!! මීට පස්සෙ කතා කලොත් තාත්තට කියනවා!" මම ෆුල් වොලියුම් දාලා කෑගැහුවා.

එතනින්ම කෝල් එක කට් වුනා....ඔන්න ඒත් ට මේ ක්ලාස් ඉවර වුණා විතරයි......ඉවර වුන ගමන් ඔයාව මතක් වුනේ..."
"අහ්? දැන් ඔයා නෙමෙයිද කතා කලේ?"
"නෑ......මේ දැනුයි සර් ගියේ..."
මම ඩිම් වුනා.


ඊට පස්සෙ දවසෙ නෙතූ එනවා. හිනාවක් එහෙම දාගෙන ආවෙ. මටත් ඉතින් සන්තෝසයි.
"ආ නංගි, ඒකනෙ, තාත්ත කතා කලේ නෑ නෙ..."
"නෑ අක්කෙ, එදා තාත්ත ඔයාට කතා කලා නෙ...."
"අහ්?"
"ඔව්, ඔයා කාටද ගයාන් කියල එක්කනෙක්ට බැන්නලු. පාඩම් කරන්නත් දෙන්නෙ නෑ කියල බැන්න හින්ද තාත්ත අව්ලක් නෑ....."
මට තරු පෙනුනෙ ඒ වෙලාවෙ තමයි. හොඳ වෙලාවට මම අවුලක් නැති විදිහට ගයාන්ට බැන්නෙ.
"අය්යෝ අක්කි ඒ වුනාට අම්මයි තාත්තයි ඇහුවා ඇයි ඒ අක්කත් එක්ක ඔච්චර කතා කරන්නෙ කියලා!"
ඒකත නෙතූට උත්තරයක් දෙන්නැයි කියලා මම එන්න ආවා. මොනව වුනත් ඒ ජෝඩුව තාම යහතින් ඉන්නවා. ඕවට උදව් කලාට අපි නම් තාම තනිකඩං ජීවිතං තමයි. ඒත් ආදරේට වෛර කරලා වැඩක් නෑ.....මම රණ්ඩු කෙක්කක් වෙච්චි එකට අනංගයා පළි නෑ නෙ!


No comments:

Post a Comment