Thursday, November 10, 2011

පාසල් ආරක්ශක අංශය

අපේ පාසලේ ආරක්ෂක නිලධාරීන්ටද මෙයින් සැළසෙන වාසි ගොඩකි. පඩියට අමතරව, තරුණියන්ගේ ආදරය ලබන්නටත්, ලබන්නට අයැද ඉල්ලන් කන්නටත් ඇති භාග්‍ය මෙම නිලධාරීන්ට හිමිව ඇත. අපගේ ආරක්ෂක නිළධාරීන් මෙසේ ය.

1. හෝතඹුවා ලෙස නම් කර ඇති මොහු, තම තලත්තෑනි වයස නිසා පීඩා විඳියි. කෙතරම් පැණි හිනාව දා කෙල්ලන්ට "ගුඩ් මෝනින්" කීවද, කෙල්ලො "ගුඩ් මෝනින් අංකල්" කියූ කල් හී හෝතඹු තෙමේ අපමණ දුක් විඳියි. මෙය මහා බ්‍රාහ්මණයාගේ කඩාකප්පල්කාරී ක්‍රියාවකි. හෝතඹුවාව ලොවට එවන්නට තිබ්බේ තව කල් පසු වී ය.

2. අල බතල ලෙසින් හැන්දින්වෙන දෙවන ආරක්ෂක නිළධරයා තමාගේ දොන් සේතන් කොන්ඩ විලාසිතාවත්, උත්තමාචාර පෙළපාලියේ ගමන් කරන්නා හා සමාන ලාලිත ගමනත් නිසා පෙම්වතියකටද හිමිකම් කීවේ ය.

3. ඇඩ් අය්යා ලෙස නම් කර ඇති මොහු තමා ශිහාන් මිහිරංග යැයි හිතා කටයුතු කරන්නේ ය. ලෝහ ඩිටෙක්ටරය තමාගේ ගිටාරය යයි සිතාගන්නා මොහු, නිතරම පාහේ "ඇස් දෙක පියාන නිදාගන්න මට බැරි බව පවසයි.


මෙවන් ආරක්ෂක අංශයක් හමුවේ අප පරෙස්සම ගැන කුමට හිතමුද? යකෙකුටවත් බිය නැති මෙම අභීත ආරක්ෂක නිළධරයන් බය පිරිමි පාසල් වල ළමුන්ට පමණි.


No comments:

Post a Comment