Thursday, November 10, 2011

අපේ ගෙදර තට්ටු 10ක් තියෙනවා!

මේක වුනේ 7 වසරෙදි. සාමාන්‍යයෙන් 7 වසර කියන්නෙ ඉතින් ටික ටික දේවල් තේරෙන්න ගන්න කාලයක් නෙ ඕන්!! ඒත් ඒ කාලෙත් ඔය ගෙදර ගාලා තියෙන පාට මොකද්ද, ගෙදර ඉන්නෙ බල්ලොද පූසොද වගේ ප්‍රශ්ණ වලට විතරක් කෙල්ලොගෙ කතා සීමා වෙච්චි කාලයක්. ඔන්න ඔය කාලෙ අපි ටික ගෙදරවල් ගැන කතා වෙවී හිටියෙ.
"අපේ ගෙදර තට්ටු තුනක් තියෙනවා හලෝ...." එක්කනෙක් කියනව.
"හ්ම්, අපේ නම් තට්ටු දෙකයි," මාත් කිව්ව.
"අපේ තට්ටු දහයක් තියෙනවා!" අපේ සෙට් එකේ එකෙක් කියාපි! 
අපි ඩිම් වුනා. 
"ඔයා ෆ්ලැට් එකකද ඉන්නෙ?" එකෙක් ටිකක් විතර මොලේ පහළ වෙලා කිව්ව.
"නෑ අනේ,....ඒක අපේ ගෙදර!"
"අම්මේ එහෙනම් ඕක නගින්න ලිෆ්ට් එකක් ඇති නේ?" මාත් කිව්ව.
"නෑ හලෝ.....අපි පඩිපෙළෙන් යන්නෙ!"
අම්මෝ එහෙනම් තට්ටු දෙක හොඳයි කියල මට හිතුනා. හැමදාම ඉස්කෝලෙ ඇරිල ඇවිත් තට්ටු ගානක් බඩගාන්න!
මට දැන් මෙයාගෙ ගෙදර බලන්න මාර ආසයි. ඔහොම ඉඳිද්දි මාත් එයාගෙ වෑන් එකේ එන්න පටන් ගත්ත. අනේ බැලින්නම් ගෙදර තට්ටු තුනයි,.....
මම කල්පනා කලා ඇයි තට්ටු 10යි කිව්වෙ කියලා.
බැලින්නම් මේ ගෑණි ගෙදර උඩට යනකල්ම හයි කරල තිබ්බ glass panels තමයි ගනන් කරල තියෙන්නෙ!!!!

No comments:

Post a Comment