Thursday, November 10, 2011

සික්කට ගැයූ කවි

කෙල්ලන්ට ආල
පෙන්නයි සෑම කාල
හරිම මනමාල
නාකියෙක් සිකුරිටී රාළ

ගේට්ටුව පසෙකින්නේ
අභිමානා සේ ය ඉන්නේ
කෙල්ලෝ දකින්නේ
කන්න වාගෙයි ඌ බලන්නේ

ඌ ගොබ්බ යකෙකී
මහ පල් බූරු රජෙකි
කෙල්ලො ඇඹලයෙකි
කියන්නට දේ තවත් වෙද සකි

පොල් හඩ්ඩ රාළේ
මෙ අබුද්දස්ස කාලේ
කෙල්ලන්ට දෑලේ
ඉන්න දීපන් නොවී ආ
ලේ

1 comment:

  1. පුළුලුකුලේ හැඩත්
    ලෙළදෙන සිහිනිඟත්
    දුටුවිට කුමන ජගතත්
    නොහැක සිටිනට අහෝ කැළඹෙත්

    ReplyDelete