Thursday, November 10, 2011

ඩ්‍රයිවර් මනමාළයා......

අපේ ගෙදර වෑන් එකේ ඩ්‍රයිවර් මහම පැණියා. අර අයි ටී එන් එකේ යන මෙගා ආදර කතා බලලා පොර ඒ වගේ තමයි අඳින්නෙ. ඉතින් ඒවගෙ ඉන්නෙ නළුවොනෙ, උන් ලස්සනයි නෙ.....ඒකට මේ මිනිහා......ඇඳම නිකන් ගස් ගෙම්බෙක් වගේ......

කොහොම හරි මිනිහගෙ සිරිත තමා කෙල්ලො දැක්කම ඇවිස්සෙන එක. ඇහැට කනට පේන අක්ක කෙනෙක් තියා පොඩි එකෙක්ටවත් පාරෙ යන්න බෑ.....මූට නට් ලූස් වෙනවා.....එතකොට ඉතින් මටයි අම්මටයි "Call celynco" තමයි.

දවසක් අපේ ඉස්කෝලෙ ගිය අවුරුද්දෙ අවුරුදු පොළ. වෙලාව රෑ 7ට 8ට ඇති. ඔක්කොම ඉවර කරලා අපි බලන් ඉන්නවා වෑන් එක එනකල්.....ඔහෙ එන පාටක් නෑ......ටිකක් ඉඳිද්දි දැන් ළමයි ඔක්කොම ගිහින්. කෙල්ලො 6 දෙනෙක් විතරයි, දෙමළ ටීචරුයි විතරයි හිටියෙ. 

ඔන්න එක පාරටම කඩාගෙන බිඳගෙන ආවා වෑන් එකක්....කාගෙද කියන්න ඕනෙ නෑ නෙ......කෙල්ලො ගිරි යටින් කෑගැහුවා.....
දෙමළ ටීචර්, "අරෙ රාමා!!!" කිව්ව......

මම මූණ ඇඹුල් කරගෙන තමා වෑන් එකට නැග්ගෙ.....මේ මනුස්සයා යද්දිත් අර කෙල්ලොට බායි කිව්වනෙ!!! මට පොළව පළාගෙන යන්න හිතුණා...

No comments:

Post a Comment