හන්තානේ හඳ නැත මෙහි පායන්නේ
මොරටුවෙ වගේ ආතල් නෑ අපි ගන්නේ
සුද්දියො හිටියත් අප දෙස නොබලන්නේ
කැන්ගරුවෝ ම පමණයි තනියට ඉන්නේ
බස් නැවතුමේ, කැම්පස් එකෙ එහෙම නිති
මෙහෙ කට්ටිය පාර මැද්දෙ පෙම් කෙළිතී
පොඩි අය බලන් හිටියත් තොල් දෙක සිඹිති
අපේ එවුන් ඒ බල බල කෙළ හලතී
කෙල්ලෝ මෙහෙ අඳියි දනියට ගොඩක් උඩින්
ඒකලු මෝස්තරෙ කියනව උනුත් ඉතින්
හත් දෙයියනේ අපි ඇන්දොත් ඔහොම ඇඳුම්
ගල් වී මැරෙයි සීතල වැඩිවෙලා බොලන්
චොකලට් ඇතේ රස රස දේ හුඟක් ඇතේ
චයිනිස් ඉටැලියන් ෆාස්ට් ෆුඩ් ගොඩක් ඇතේ
එක එක ජාති තිබුනත් බැලු බැලූ අතේ
ඩොලරය රුපියල් එකසිය දහතුනයි පුතේ...
හන්තානේ එවුන් හඳ දැක අඬනු එපා
මොරටුවෙ එවුන් කෙල්ලො නැතුව තැවෙනු එපා
ජ'පුර එවුන් රැග් වල දුක් විඳිනු එපා
කැන්බරාවෙ අපිට පාලු දැනෙනු එපා
හපොයි මාර සීන් එකනෙ. නියමෙට ලියල තියෙනව
ReplyDeletewow nice,,,,
ReplyDeleteThanks!!!! :)
ReplyDeleteඅයියෝ, මට නම් පේන්නේ කොහේ ගියත් අප්සෙට් වගේ
ReplyDelete