කොහොම හරි මූයි අපි කට්ටියයි ගියා දෙහිවල සත්තු වත්ත බලන්න. ඉතින් ඕකෙ ඉන්නවනෙ අර පස්ස රතු බැබූන් කියලා බැබූන් වඳුරො වගයක්. ඔන්න කට්ටියට මතක නැතුව ඇති කියලා මම පින්තූරෙකුත් දැම්ම. මලය දැන් ඕකෙක් දිහා බලල කියාපි,"ඈ අය්යෙ, අපේ රටේ ගෑණු කොන්ඩෙ පර්ම් කරන්නෙ මුගෙ මයිල් බලල වෙන්න ඇති නේ...." කියලා.
හත් දෙය්යනේ කොන්ඩෙ පර්ම් කරපු කෑල්ලක් හිටියා එතන! මට ඉහින් කනින් දාඩිය. ඒකිගෙ කොල්ලත් මහ ජරා ලුක් එකක් දුන්න. මම ටක් ගාල අරූව ඇදගෙන එන්න හැදුවෙ එතන සීන් එකක් යන්ඩ කලින්.....මෙන්න ඒ පාර මූ අර කෙල්ල දිහා බල බල කියනව,
"ඊලඟට තියෙන්නෙ පස්සත් රතු කරන්න තමයි!" කියල!! මම ඉගිල්ලුනා!!!

No comments:
Post a Comment