Thursday, April 5, 2012

"මොඩලින්" ගෑණු

යන්තං ඇඟ වැහෙන්නට සළු පොට අන්දා
එල්ලා හැලෙන ඒ සළු යන්තම් රන්දා
අන්තර්ජාලෙ පොඩි පොඩි බ්ලොග් වල රිංගා
තණ්හා රති රඟාලා සිටිති ඇඟ පෙන්නා.....

දන්නා දෙයක් නැතිමුත් උන් ගැන නිසි සේ
පන්නා උන් ගෙ පසුපස සයිබර් අහසේ
පෙන්නා සිටින ඇඟ සුඟ බලමින් රිසි සේ
ලොල් වී කෙළ හළති අපෙ උන් හැම රහසේ......

බඹසර රැක හිටිය අවිහිංසක උන්ට
මෙව්ව දුටු ගමන් ගන්නව නළියන්ට
අඟනුනි නුඹ නිසා පෙර නොදරුවො සේ උන්න
අපෙ කොළු පරපුරට බෑ නිවනට යන්න! :P :P :P


No comments:

Post a Comment